Showing posts with label Deepika Padukone. Show all posts

ලක්ෂ 32ක් බලපු දීපිකාගේ අමුතු වීඩියෝව.


බොලිවුඩ් නිළි දීපිකා පාදුකෝන් කාන්තා නිදහස වෙනුවෙන් ඉන්දියාවේදී නිෂ්පාදනය කෙරුණු වීඩියෝ පටයක් සඳහා රංගනයෙන් දායක වී සිටින අතර එය ඉන්දියාව තුළ වඩාත් ආන්දෝලනයකට තුඩු දී ඇත.

“My Choice” යනුවෙන් නම් කර ඇති එම වීඩියෝ පටයෙහි අන්තර්ගත වනුයේ, කාන්තාවකට කැමති ඕනෑ ම දෙයක් කිරීම සඳහා නිදහසක් ඇති බවය.

කාන්තාවන්ගේ සංස්කෘතික සීමා පිළිබඳව වැඩි අවධානයක් සහිත රටක් වන ඉන්දියාව තුළ මෙම වීඩියෝව දැඩි ආන්දෝලනයට ලක්ව ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

එමෙන් ම දින දෙකක් තුළදී එම වීඩියෝව ලක්ෂ 32කට අධික වාරයක් නරඹා තිබීම ද විශේෂත්වයකි.