Showing posts with label සංකල්පනා. Show all posts

අපි මුලින්ම අපේ කිළිටි සෝදා ගනිමු! - කණිෂ්ක මීගස්මුල්ලගෙනි...

අද දවසේ ෆේස් බුක් සටහන් පරීක්ෂා කරගෙන යන අතරේදී හිරු මාධ්‍ය ආයතනයේ සහෝදර මාධ්‍යවේදී 'කණිෂ්ක මීගස්මුල්ල' සතු ෆේස් බුක් පිටුවේ බොහොම වැදගත් කාලීන සටහනක් තිබුණා...එය ඔබේ රසවින්දනය සදහා මෙලෙස ගෙන ඒමට අවසරයි!

ඉෂාර ලක්මිණ



අලූ‍‍ත විවාහ උන යුවලක් නව නිවසක පදිංචියට ගියා. තරුණ බිරිය තරමක් කටකාර වූ අතර සැමියා බොහොම නිවුනු පුද්ගලයකු උනා. පසුදා උදෑසන මේ යුවළ උදෑසන ආහාර ගනිමින් සිටින විට අසල්වැසි කාන්තාව රෙදි සෝදා වැලේ දමමින් සිටියා. මේ දසුන වසා තිබූ ජනේලයේ වීදුරුව අතරින් දුටු තරුණ බිරිය අසල්වැසි කාන්තාව රෙදි සේදීමට නොදන්නා බවත් ඇය සෝදා වැනීමට ගෙනවිත් තිඛෙන රෙදි සියල්ලේම කුණු එසේම පවතින බවත් පවසමින් අසල්වැසි කාන්තාවට අවමාන කරන්නට වුනා.

හිස ඔසවා ඒ දෙස බැලු සැමියා කිසිත් නොකියා නැවතත් තමන් කරමින් සිටි කර්තව්‍යයේ නිරත වුනා.

එතැන් සිට ගත උන සෑම උදෑසනකම මෙම තරුණ යුවල උදෑසන ආහාර ගනිද්දි අසල්වැසි කාන්තාව සේදූ රෙදි වැලේ දැමීමට පැමිනි අතර ඒ සෑම අවස්ථාවකම මේ තරුණ බිරියගේ නිර්දය විවේචනයට ලක් වීමට අසල්වැසි කාන්තාවට සිදු විය.

—එයා රෙදි හෝදන්න දන්නේ නෑ. බලන්න අර සුදු ඇඳුම් ඔක්කොම මඩ පාටයි. අර රෝස පාට ඇඳුම උනත් ඔයිට වැඩිය හොඳට හේදුවනම් ඔයිට වඩා එළිය වැටෙනවා˜ ආදී වශයෙන් විවේචනය කරන අතර රෙදි සේදීමට තමන්ට ඇති සමත්කම ගැනද වර්ණනා කර ගැනීමට ඇය අමතක කළේ නෑ.

මේ ආකාරයට මාසයකට ආසන්න කාලයක් අසල්වැසි කාන්තාවගේ රෙදි සේදීමේ අසමත්කම සහ රෙදි සේදීමට තමන් තුල ඇති දක්ෂතාවය පිළිබඳව තමා ගැනම කරගන්නා ආත්ම වර්ණාව මැද මේ තරුණ යුවළගේ උදෑසන කෑම මේසය නිමාවට පත් උනා. ඒ සෑම දිනකම බිරියගේ විවේචන අසා සිටියා හැරෙන්නට තරුණ සැමියාගේ කටින් කිසිවක් පිට වුනේ නෑ.

දිනක් සුපුරුදු පරිදි මේ යුවළ උදෑසන ආහාර ගනිමින් සිටියදී අසල්වැසි කාන්තාවද තමන් සේදූ රෙදි වැළට දැමීමට රැගෙන ආවා. එකවරම ඒ දෙස පුදුමයෙන් බලා සිටි තරුණ බිරිය,
—පුදුමයි අද නමි අරයා හොඳට රෙදි ටික හෝදලා තියෙනවා. කවුද දන් නෑ එයාට ඔය විදිහට රෙදි හෝදන්න කියලා දුන්නේ. නැත්නම් එයා එකත් එකටම මොකක් හරි අලූ‍‍ත් සබන් කුඩු ජාතියක් පාවිච්චි කරන්න පටන් අරන් ඇති. කමක් නෑ කොහොම හරි දැන්වත් ඒ ගෙදර ඉන්න මිනිස්සුන්ට ලැජ්ජා නොවී ඇඳුමක් ඇඳන් පාරේ බැහැල යන්න පුළුවන් වෙයි ˜
ආදී වශයෙන් හෑල්ලක් කියවාගෙන ගොස්,
— ඒයි මේ පොඩ්ඩක් ඔලූ‍‍ව උස්සල බලන්නකෝ. කොහොමද අර පුදුමේ උනේ කියලා ˜ යනුවෙන් සැමියාට පැවසුවා.

— ආ... අද මම අපේ ජනෙල් ටික පිහදාල දැම්මා ˜ තරුණ සැමියා ඒ දෙස නොබලාම පැවසුවා.

අද අපි ජීවත් වෙන සමාජ් බොහෝ දෙනාත් කිළිටු වෙච්ච ජනේල වීදුරු අතරින් අනුන් දිහා බලනවා. නමුත් අපි නොහිතුවට ඒ කිළිටු වෙච්ච ජනෙල් අතරින් අපිට අනුන්ගේ වගේ පේන්නේ අපේම කිළිටු බව නේද? එතකොට අපි ඉස්සෙල්ලාම පිරිසිදු කරගන්න ඕනෙත් අපේම කිළිටු බව නේද?

සටහන - කණිෂ්ක මීගස්මුල්ල








ආදරේ...ජිවිතේ... - සමාධි මලලවීර විසිනි


ආදරේ කරන්න ගත්තම ඕනෙම කෙල්ලෙක් බොළද වෙනවා...අවුරුදු ගානක් තිස්සෙ තමන් පුරුදු පුහුණු කරපු දෙයක් උනත් තමන්ගෙ කොල්ලා වෙනුවෙන් වෙනස් කරන්න දෙපාරක් හිතන්නෙ නැත්තෙ එකයි...කොච්චර අකමැති උනත් කොල්ලාගෙ සතුට වෙනුවෙන් සමහර දේවල් වෙනස් කරන්නෙ ආදරේ කෙල්ලන්ගෙ මුළු ජීවිතේම වෙන නිසයි....කොල්ලට වෙනස් නොපෙන්වා සමහර දේවල් හිතේ තියාගන්නෙ ඒ හිතට දුකක් දෙන්න අකමැති නිසයි.....

හැම දුකක්ම හිතේ තියාගෙන විදවන එක කෙල්ලන්ගෙ හැටියක්....කොල්ලෙක්ට තමන්ගෙ කෙල්ලගෙ හිතේ තියෙන දුක තේරුම් ගන්න පුළුවන් නම් ඒ කොල්ලා ඇත්තටම ඒ කෙල්ලට ආදරේ කරනවා...ඒ කෙල්ල ගැන හිතනවා..

එක ගෙදරක නොහිටියත් කොල්ල ගමනක් ගියොත් පරිස්සමට ගෙදර එනකන් කෙල්ලගෙ ඇස් පිය වෙන්නෙ නැහැ.....ආදරේ කරන්න ගත්තම කෙල්ලගෙ මුළු ලෝකෙම පිරිලා තියෙන්නෙ තමන්ගෙ කොල්ලගෙන්....අනාගතේ කරන්න ආසවෙන් හිටපු දෙයක් උනත් හිතේ හංගගෙන ඒ හීනයට සමුදෙන්න කෙල්ලො පසුබට වෙන්නෙ නැහැ.....

හැම කෙල්ලම එහෙම නොවුනත් ගොඩක් කෙල්ලො ආදරේ කරද්දි තමන්ගෙ කොල්ලා වෙනුවෙන් කැපවෙනවා.....ඇස් පනාපිට පෙනෙන කොල්ලගෙ වරදක් උනත් එහෙම නෑ කියලා විශ්වාස කරනවා...කොල්ලගෙ හැම වරදකටම සමාව දෙනවා....කොල්ලට හිතන්නවත් බැරි තරම් ආදරේ කරනවා....කැපවෙනවා....ජීවිතේම කොල්ල වෙනුවෙන් වෙන් කරනවා....කෙල්ලෙක් තමන්ගේ ආදරේ ජීවිතේම කරගන්නවා....




සංකල්පනා 
2015/07/23