Showing posts with label නුෂෙල් ද සිල්වා. Show all posts

ශ්‍රී ලාංකේය තරුණියක් රැජින හමුවේ නායිකාවක් වෙයි.(උපුටා නැවත පළ කිරීමකි.)


පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලින් තෝරාගන්නාලද තරුණ නායක නායිකාවන් අතරින් දෙවැනි එළිසබෙත් රැජිනගේ තරුණ නායිකාවක වීමට ශ්‍රී ලාංකේය තරුණියක සමත්ව සිටී.

එහිදී, එම රටවල තරුණ නායක නායිකාවන් 60 දෙනෙක් ලන්ඩනයේදී එළිසබෙත් රැජින අතින් සම්මාන ලබා තිබුණේ පසුගිය සතියේදීය.
'රැජිනගේ තරුණ නායක, නායිකාවන්' (Queens Young Leaders) ලෙස නම් කර තිබූ මෙම සම්මානයට පත් ශ්‍රී ලාංකේය තරුණිය නමින් නුෂෙල් ද සිල්වා ය.

යුද ගැටුම්වලින් අනතුරුව, විශේෂයෙන්ම උතුරු පළාතේ දරු පරපුර අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් දියත්කළ Building Bridges ව්‍යාපෘතිය වෙනුවෙන් ඇය මෙසේ රැජිනගෙන් සම්මානයට පාත්‍ර වී ඇත.





- නරේන් විශ්වජිත් 


('අද පුවත්පත' සිංහල වෙබ් පිටුවෙන් උපුටා ගන්නා ලදි.)